Saturday, August 2, 2014

මුහුර්ථ සාධනයේ දී සොයා බැලිය යුතු ග්‍රහ බලය

[1] රාශි චක්‍රය සේම වර්ග චක්‍රයන්හි බලවත් භාවය ද මුහුර්ථ සාධනයේ දී විමසා බැලිය යුතු කරුණක් වශයෙන් පෙන්වා දෙනු කැමැත්තෙමි. උදාහරණයක් වශයෙන් නව රැකියාවක් සඳහා සම්බන්ධ වීමේ දී දසාම්ශයේ (D-10) ලග්නය, 6වැන්න සහ 10 වන භාවය බලවත්ව තිබිය යුතුය. යම් ළදරුවෙකුගේ අධ්‍යාපනාදී කටයුතු ඇරඹීමේ දී රාශි චක්‍රෙයහි මෙන්ම සිද්ධාම්ශයේ (D-24) ද 1,2,4,5 යන ස්ථාන බලවත්ව තිබිය යුතුය. අළුත් වාහනයක් මිලදී ගැනීමේ දී රාශි චක්‍රයෙහි මෙන්ම ෂෝඩෂාම්ශයෙහි (D-16) ද 1, 4 සහ ආරූඪ සිව්වන පාදය (A4) බලවත් විය යතුය. අළුත් නිවසකට ප්‍රවේශ වීමේ දී ලග්නයේ සිට සහ සිකුරුගේ සිට 1 සහ 4 වන භාවය රාශි චක්‍රයේ මෙන්ම චතුර්තාම්ශයේ (D-4) දී ද බලවත් විය යුතුය. දේපල මිලදී ගැනීමක දී ලග්නයේ සිට සහ කුජගේ සිට 1 සහ 4 වන භාවය රාශි චක්‍රයේ මෙන්ම චතුර්තාම්ශයේ (D-4) දී ද බලවත් විය යුතුය. ආරම්භ කරනා වැඩෙහි සාධනීයත්වය කාලානුරූපීව වර්ධනීය තත්වය මැණ බැලීම සඳහා භාවිත කරන මුහුර්ථයෙහි ආදාන කේන්ද්‍රයට අදාළ විම්ශෝත්තරී දශාව භාවිත කළ හැකි වෙයි. යම් කාර්යයක් සඳහා භාවිත කරන ලද මුහුර්ථයක කාලය මැනීමේ දී අදාළ කාර්යයට අනුරූප කාලය (එම වැඩය නිම කිරීම සඳහා ගත වන කාලය) නිශ්චිතවම දන්නේ නම් එම කාලයට අනුව විම්ශෝත්තරී දශාව හකුළුවා ගණනය කළ හැකිය. විම්ශෝත්තරී දශාව හකුළුවා ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව Narasimha Rao, P.V.R. (2000), Vedic Astrology: An Integrated Approach, 35.4 Mundane Astrology, p.464 හි අර්ථ දක්වා ඇත. යම් කාර්යයක් යම් මුහුර්ථයක දී ආරම්භ කළේ නම් ඊට අනුරූපී සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මැණ බැලීම සඳහා කාල රාමුව ගණනය කිරීම සම්බන්ධව නිශ්චිත කාල වකවානුවක් දීම අපහසුය. අපට විම්ශෝත්තරී දශාව අවුරුදු 120කට මැණ බැලිය හැකිය. අමතරව, ග්‍රහ බලය මත එම මුහුර්ථයේ විම්ශෝත්තරී දශාවට අනුව ගණනය කරමින් පළමු දශාවෙහි තත්වය ආදාන ග්‍රහ චක්‍රයේ ඵලදායී ග්‍රහයාගේ තත්වය මත පිහිටා තහවුරු කර ගත යුතු වෙයි. මුහුර්ථයේ බලපෑම මාස කිහිපයකට හෝ වර්ෂ කිහිපයකට බලපාන්නේ නම් දිගු ගමනක් යාම සඳහා අදාළ මුර්ථයේ ආදාන ලග්න සටහනෙහි ග්‍රහ බලය වඩාත් බලපෑම් සහගත වනු ඇත. විම්ශෝත්තරී දශා ක්‍රමයට අනුව පළමු දශාව ඉතා වැදගත් වනු ඇත. උදාහරණයක් වශයෙන් ගනු ලැබූ මුහුර්ථ ග්‍රහ සටහනක රාශි චක්‍රය යහපත් රාශියකට අනුව සලකා බලනු ලෑබූ විටෙක දී එමු මුහුර්ථය නව රැකියාවකට සම්බන්ධ වීම සඳහා භාවිත කළේ නම් එම රාශි සටහනේ දශාම්ශයේ (D-10) අටවැන්නාධිපතිට පළමු දශාව හිමිවූවහොත් ඔහුට හෝ ඇයට අසුභ ඵල එම රැකියාවේ මුල් කාලය තුළ අත්විඳීමට සිදුවනු ඇත.

Shiva Purana ශිව පුරාණය ....

 ශිව පුරාණය ...

Introduction
First of all, sage shaunak expressed his desire to sutji about knowing the means, which could help a man in this era of kali to attainment lord shiva, by cleansing all the impurities of his mind and rectifying his inherent demonic tendencies. Sutji then described about shiv mahapuran - the supreme of all the puranas, which was narrated by lord shiva himself and which was later on retold by sage vyas with the permission of maharshi sanatkumar, for the benediction of common man. Sutji said, "by understanding the mysteries of shivmahapuran and singing its praises, a man attains greater virtues than that which could be attained by being charitable or by the performance of all the `yagyas'. Contemplating on the subject matters of  shivmahapuran give auspicious fruits just like a 'kalpa-taru' (a mythological tree which fulfills all the wishes). Shiv mahapuran contains twenty-four thousand shlokas and seven Samhitas which are as under:-
1) vidyeshwar samhita,
2) rudra samhita
3) shatrudra samhita
4) koti rudra samhita
5) uma samhita
6) kailash samhita
7) vayviya samhita

පාචක/බෝධක/කාරක/වේධක ග්‍රහයින් හා ස්ථාන


පලාඵල පැවසීමේ දී අනිවාර්යයෙන්ම ජ්‍යෝතිර්වේදියෙකු දැන සිටිය යුතු ඒ ඒ ග්‍රහයින්ගේ සහයෝගීතා සහ බාධක තත්වයන් මෙසේ දැක්විය හැකිය.


ග්‍රහයින්
රවි
චන්ද්‍ර
කුජ
බුධ
ගුරු
සිකුරු
ශනි
ග්‍රහයා/භාවය
ග්‍රහයා/භාවය
ග්‍රහයා/භාවය
ග්‍රහයා/භාවය
ග්‍රහයා/භාවය
ග්‍රහයා/භාවය
ග්‍රහයා/භාවය
පාචක
ශනි/6
ශුක්‍ර/7
රවි/2
සඳු/2
ශනි/6
සඳු/2
ශුක්‍ර/3
බෝධක
කුජ/7
කුජ/9
ස‍ඳු/6
ගුරු/4
කුජ/5
බුධ/6
සඳු/11
කාරක
ගුරු/9
ශනි/11
ශනි/11
ශුක්‍ර/5
සඳු/7
රවි/12
ගුරු/6
වේධක
ශුක්‍ර/11
රවි/3
බුධ/12
කුජ/3
රවි/12
ශනි/4
කුජ/7

ග්‍රහයින්ගේ නිසර්ග තත්වයන් අනුව පාචක/බාධක/කාරක/වේධක තත්වයන් දක්වා ඇත. එසේම 
භාවයන් ඒ ඒ ග්‍රහයින්ට අනුරූපව දක්වා ඇත.

සෙනසුරු කන්‍යා රාශි ගතවීම ලග්න දොළසෙන් උපන් ඔබට බලපාන හැටි

වසර 30කට පසුව 2009 වසරේ සැප්සැම්බර් 09 වන දින කොළඹ වේලාවෙන් රාත්‍රී 10.35ට සිදුවන සෙනසුරු ග්‍රහයාගේ බුධ හිමි කන්‍යා රාශියට පිවිසීම මේෂාදී ලග්න දොළසෙන් උපන් ඔබට බලපාන ආකාරය මෙසේය.
මේෂ
චන්ද්‍රයා ලග්න ගතව ගුරු රාහු දස වැන්නේත්, අඟහරු තුන්වැන්නේත්, කේතු සහ සිකුරු හතර වැන්නේත්, රවි පස්වැනි භාවයේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ හය වැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.
මේ තත්වය තුළ නිරන්තර කැළඹිලි ස්වභාවයකින් පසුවන අතර නිතර අදහස් වෙනස් කිරීමට යොමුවන බවක් පෙන්වයි. එසේම තමුන්ගේ වෘත්තියෙහි නැතිනම් රැුකියාවේ තම අණසක පැතිරීමට හැකි වාතාවරණයක් පැවතිය ද වරින් වර කඩාකප්පල්කාරී සිදුවීම් ඇතිවීමට හේතු ඇතිවෙයි. විශේෂයෙන් සතුරන්ට අවාසිදායක තත්වයක් ඇති බව පෙනෙන්නට තිබේ. නමුත් මූත‍්‍රා දෝෂ, හා යටිබඩෙහි අදික ඌෂ්ණය හේතුවෙන් හටගන්නා රෝගාබාධවලින් පීඩාවට පත් කරවයි. ආදායම් තත්වය මධ්‍යස්ථ බවක් පෙන්වයි.
වෘෂභ චන්ද්‍රයා දොළොස්වැන්නේත් ගුරු රාහු නව වැන්නේත්, අඟහරු දෙවැන්නේත්, කේතු සහ සිකුරු තුන්වැන්නේත්, රවි සිව්වැනි භාවයේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ පස්වැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.
ඔබට මෙම ග‍්‍රහ මාරුව තරමක මධ්‍යස්ථ ප‍්‍රතිඵල ඇතිකරන එකක් වන අතර ඔබගේ අධ්‍යාපන කටයුතුවල වෙනසක් ඇති කරන බවක් පෙන්වයි. හදිසි ධනලාභ ඇතිකරවිය හැකි තත්වයක් පෙන්වන්නේ මූලත‍්‍රිකෝණ ගතව සිටිනා ගුරු සහ රාහුගේ ත‍්‍රිකෝණ දෘෂ්ඨියට සෙනසුරු පස්වැන්නේ බුධ සමග සිටිමින් හසුවීම තුළිනි. දරුවන් ඇති අයට තරමක් ඔවුන් වෙනුවෙන් වෙහෙසීමට හා ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයන් වෙනුවෙන් සැලකිලිමත් වීමට සිදුවන කාලයක් සේ පෙන්විය හැකිය.
මිථුන චන්ද්‍රයා එකොළොස්වැන්නේත් ගුරු රාහු අට වැන්නේත්, අඟහරු ලග්න ගතවත්, කේතු සහ සිකුරු දෙවැන්නේත්, රවි තුන්වැනි භාවයේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ සිව්වැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.
කාලයක් පැවති බාධක කිහිපයක් ඉවත්වීම නිසා තමන්ගේ ආදායම් මාර්ගයන්ගේ අභිවෘද්ධිදායක වෙනසක් ඇතිවන කාලයකි. මවුට තරමක් අපලදායක වන අතර පපුවේ සෙම කරවීම සමග ඇතිවන වාත අමාරු තත්වයක් ඇතිවීමට හේතු යෙදෙයි. හදිසි විදෙස් ගමන් ඇතිවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දු සහගතව කටයුතු කිරීම වඩාත් ඵලදායකය. පොදුවේ පවසන විට මිථුන ලග්ත හිමියන්ට මෙම සෙනසුරු මාරුව සුභදායක බව පැවසිය හැකිය.
කටක චන්ද්‍රයා දසවැන්නේත් ගුරු රාහු හත්වැන්නේත්, අඟහරු දොළොස්වැන්නේත්, කේතු සහ සිකුරු ලග්න ගතවත්, රවි දෙවැනි භාවයේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ තුන්වැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.
වසර හතහමාරක් තිස්සේ පැවති ලග්න ඒරාශ්ඨකය අවසන් කරමින් සෙනසුරුගේ මෙම ග‍්‍රහමාරුව සිදුවී ඇත. විශේෂ අභිවෘද්ධියක් ඇති කරවන කාලයක් උදාවන නමුත් මාස දෙකක් පමණ ගතවන තුරු පැවති ඒරාශ්ඨක අපලයේ උණුසුම පවතින බැවින් එකවර ලොකු වැඩ සඳහා අතගැසීම නොකළ යුතුය. නමුත් විවාහ ජීවිතය සම්බන්ධයෙන් තරමක් දුරට ගැටළුකාරී වාතාවරණයක් ඇති නමුත් නොවැම්බර් 16 වනදායින් පසු එය මගහැරී යනු ඇත.
සිංහ චන්ද්‍රයා නවවැන්නේත් ගුරු රාහු හයවැන්නේත්, අඟහරු එකොළොස්වැන්නේත්, කේතු සහ සිකුරු දොළොස්වැන්නේත්, රවි ලග්න ගතවත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ දෙවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.
මෙම කාල වකවානුව පැවති ලග්න ඒරාශ්ඨකයේ තරමත් තදබල කොටසට පැමිණීමක් සනිටුහන් කරමින් ලොකු පාඩුවක් විඳීමට සිදුවිය හැකිය. වෙහෙසකර නිශ්ඵල දුරගමන් ඇතිකරවිය හැකිය. ලේ විෂවීමක් පෙන්නුම් කරන බැවින් ආහාරපානාදියෙහි දී වඩාත් සැලකිළිමත් වන්න. ආදායම් මාර්ග වරින් වර උච්ඡාවචනයන්ට ලක්වෙයි. දැඩි ලෝභකමක් හිතේ ඇතිවන නමුත් කාන්තාවන් වෙනුවෙන් රහස් වියදම් ඇතිකරවීමක් පෙන්වයි. අධික කාමාශක්ත හැඟීම් ඇතිකරවන කාලයක් බැවින් ආගමික නැඹුරුතාවයෙන් යුතුව කටයුතු කිරීම වඩාත් ශුභය.
කන්‍යා චන්ද්‍රයා අටවැන්නේත් ගුරු රාහු පස්වැන්නේත්, අඟහරු දසවැන්නේත්, කේතු සහ සිකුරු එකොළොස්වැන්නේත්, රවි දොළොස්වැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ ලග්නාධිපති බුධ ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.
පැවති ලග්න ඒරාශ්ඨක අපලයේ කටුකත්වය තරමක් මධ්‍යස්ථභාවයට පත්කරවන වාතාවරණයක් මෙම සෙනසුරු මාරුව හේතුවෙන් ඇතිකරවයි. එසේම හදිසියේ ඇතිවන තදබල සෙම් රෝගාබාධාදියෙන් පීඩා ඇති කරවයි. ආමාශගතව අම්ලකර වාතය හේතුවෙන් ගැස්ට‍්‍රයිටීස් වැනි රෝගාබාධ වැඩි කරවයි. බොහෝ ඇවිදීම් සහත කාලයක් වශයෙන් පෙන්වාදිය හැකිය. නින්දයාම අඩු කරවයි. එසේම දැඩි වියදම් ඇති කරන වකවානුවකි.
තුලා චන්ද්‍රයා හත්වැන්නේත් ගුරු රාහු හතර වැන්නේත්, අඟහරු නවවැන්නේත්, කේතු සහ සිකුරු දසවැන්නේත්, රවි එකොළොස්වැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ දොළොස්වැනිවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.
මෙම වකවානුව ඔබට වසර හතහමාරක කාලයකට බලපාන ලග්න ඒරාශ්ඨකයක් ආර්භ වීම මෙම සෙනසුරු මාරුව සමග සිදු වෙයි. පපුවේ ආබාධ ඇති කරවිය හැකි කාලයක් බැවින් පපුවේ අමාරු ඇති අය මෙම වකවානුව තුළ තම සෞඛ්‍යය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරවීම වඩාත් ගුණදායකය. එසේම ආගම දහමට දැඩි නැඹුරුතාවක් මෙම කාලවකවානුව තුළ ඇති කරවයි. එසේම අනවශ්‍ය වියදම් ඇතිකරන කාලයකි.
වෘශ්වික චන්ද්‍රයා හයවැන්නේත් ගුරු රාහු තුන්වැන්නේත්, අඟහරු අටවැන්නේත්, කේතු සහ සිකුරු නවවැන්නේත්, රවි දසවැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ එකොළොස්වැනිවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.
විශේෂයෙන් ජලය හේතුවෙන් බියක් ඇති වීමට හේතුවන කාලයක් බැවින් ප‍්‍රවේශම් සහිතව කාලය ගත කිරීම ගුණදායක වන අතර ජලයේ බැස නෑම වැසි අනතුරුදායක කටයුතු වලින් වැලකිම ද සුභයි. විශේෂයෙන් එකොළොස්වැනි භාවයේ සිදුවන මෙම ග‍්‍රහ මාරුව ඔබට විශේෂ ආර්ථික වාසි ඇති කරවන බවක් පෙන්වයි. දැඩි මාන්නාධික කමක් හිතේ ඇති කරවන කාලයක් උදා කරවන අතර හදිසි අනතුරුවලට භාජනය වීමට බොහෝ ඉඩ ප‍්‍රස්ථා ඇති කරවයි. විශේෂයෙන් තම හැකියාවන් පාවිච්චි කර පියාගේ හා රජයෙන් වාසි අත් කරගැනීමට ඇති ඉඩ බොහෝය.
ධනු චන්ද්‍රයා පස්වැන්නේත් ගුරු රාහු දෙවැන්නේත්, අඟහරු හත්වැන්නේත්, කේතු සහ සිකුරු අටවැන්නේත්, රවි නවවැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ දසවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.
සෙම් රෝගාබාධ වඩාත් දැඩිකරන ගතියක් සේම දැඩි කාමාශක්ත හැඟීම් දනවන කාලයක් බැවින් අවකල්ක‍්‍රියාවන්ට යොමුවීමේ ප‍්‍රවණතාවක් පෙන්වයි. එබැවින් ආගම දහමට නැඹුරුව කල් ගත කිරීම වඩාත් ගුණදායක බව සිහිපත් කළ යුතුය. විශේෂයෙන්ම අඟහරු ග‍්‍රහයා හත්වැනි භාවයේ ගොචරවීම විවාහ දිවියේ ගැටළු මතුකරවන පිහිටීමක් පෙන්වයි. කර්මස්ථාන ගතව සිදුවන ග‍්‍රහමාරු අවස්ථාවේ දී කර්මානුරූපව තමුන් පෙර භවයක කරන ලද අකුසල කර්මයක් විපාක දීමේ ඉඩප‍්‍රස්ථාවක් පෙන්වන බැවින් වඩාත් ප‍්‍රවේශම් වීම මැණවි. තැන්පත් ධනයේ වර්ධනයක් පෙන්වයි.
මකර
චන්ද්‍රයා හතරවැන්නේත් ගුරු රාහු ලග්න ගතවත්, අඟහරු හයවැන්නේත්, කේතු සහ සිකුරු හත්වැන්නේත්, රවි අට වැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ නවවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.
විශේෂයෙන් මතර ලග්න හිමියන්ට මෙම සෙනසුරු මාරුව යම් ගුණදායක බවක් පෙන්වයි. රවි අටවැනි භාව ගතව වි සිටිය දී සිදුවන මෙම ශනි බුධ යෝගය නව වැන්නේ ඇති කරවමින් මෙම සෙනසුරු මාරුව සිදුවෙයි. ලොතරැුයි දිණුමක් හෝ නිධන්ගත ධනයකට උරුමකම් ඇතිකරවන තත්වයක් පෙන්වයි. එසේම සතුරුබලවේග පිළිබඳ බියකින් පසු වූයේ නම් ඒ සියළු බාධක මගහැරී සිතට සහනයක් ඇති කරවයි. නමුත් පපුවේ සෙම් රෝග ඇතිවීම තරමක් වෙනදාට වඩා වැඩි බවක් පෙන්වයි. නමුත් නොවැම්බර් 16 පසුවන තෙක් වරින් වර හදිසි කැළඹීම් ඇතිවිය හැකි බැවින් සිතෙහි සාමකාමී බව පවත්වාගැනීමට නිතර සිහිපත් කළ යුතු වෙයි.
කුම්භ
චන්ද්‍රයා තුන්වැන්නේත් ගුරු රාහු දොළොස්වැන්නේත්, අඟහරු නවවැන්නේත්, කේතු සහ සිකුරු හයවැන්නේත්, රවි හත්වැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ අෂ්ටමාධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.
මෙම කාල වකවානුව බොහෝ දුරට කරදරකාරී සහ දැඩි වියදම්කාරී එකක් වීමට ඇති ඉඩප‍්‍රස්ථා බොහෝය. රහස් රෝගපීඩාවන් ඇති කරවන කාලයක් වන අතර දැඩි අවකල්ක‍්‍රියාවන් කෙරෙහි සිතේ නැමියාවක් පෙන්වයි. ආත්මාභිමානය හේතුවෙන් සහ අවකල් ක‍්‍රියාවන්ට ඇදීයාම හේතුවෙන් විවාහ ජීවිත ගත කරන අයගේ විවාහ ජීවිතවලට සෙනසුරුගේ බලපෑම දැඩිව බලපාන අතර ඒ තුළින් නින්දා අවමන් ලැබීමට හේතු යොදවයි.

මීන චන්ද්‍රයා දෙවැන්නේත් ගුරු රාහු එකොළොස් වැන්නේත්, අඟහරු හතරවැන්නේත්, කේතු සහ සිකුරු පස්වැන්නේත්, රවි හයවැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ හත්වැනිවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.
ඔබගේ පෙම් සබඳතාවට හා විවාහ දිවියට කණකොකා හ`ඩන්නට පටන්ගන්නා බව සිහියේ තබාගෙන සිටිය යුතු කාලයකි. විශේෂයෙන් ආදායම් මාර්ග වැඩි කරන තත්වයක් පෙන්වන නමුත් අයුතු මාර්ග කෙරෙහි යොමුවීමෙන් කරදර ඇත කරවිය හැකි කාල වකවානුවකි. බොහෝ දුරට ආමාශගතව පැවති අජීර්ණ රෝග තත්වයක් උත්සන්න වීමෙන් දැඩි අපහසුතාවයකට පත්විය හැකිය. පපුවේ ශල්‍යකර්මයකට ඉඩකඩ ඇති බැවින් වඩාත් ප‍්‍රවේශම් සහිතව කටයුතු කරන්න. දූදරුවන්ගේ ඉගෙනීම් කටයුතුවලට ශුභදායක කාලයකි.

ජ්‍යෝතිෂය හා පුද්ගල පෞරුෂ වර්ධනය

ජ්‍යෝතිෂය හා පුද්ගල පෞරුෂ වර්ධනය යන්න ගැන සිතන විටම අප සිත නිරායාසයෙන් යොමුවන එක් ස්ථානයකි. එනම් ජ්‍යෝතිෂ විෂය නිර්මාණය වී ඇති පසුබිමයි. එම පසුබිම එක එල්ලේම යොමු වී තිබෙන්නේ තාරකා විද්‍යාව දෙසටයි. තාරකා විද්‍යාව යනු අප වෙසෙන සෞරග‍්‍රහ මණ්ඩලයේ හා විශ්වයේ පවතින ග‍්‍රහ වස්තූන් පිළිබඳ ලෝක ව්‍යවහාරයේ පවතින යෙදුමක් වූ නූතන විද්‍යා තුළ පවතින එක් විද්‍යාත්මක විෂයයකි.


පෙරදිග ඉන්දියානු සම්භවය තුළ හා පෙරදිග සංස්කෘතිය තුළ පුද්ගලයා පිළිබඳව සඳහන් වන්නා වූ පූර්ව විනිශ්චයක් ලෙස ද ඇතමෙක් මෙය දකිති. එසේම මෙය එතරම් වැදගත්කමක් නොඋසුලන තාරකා විද්‍යාවට සම්බන්ධ එක්තරා ගණිත ක‍්‍රමයක් ඇසුරු කරගත් දෙයක් ලෙසින් ද ඇතමෙක් භාවිතයට ගනියි.


දරුවෙක් ඉපදුන වෙලාවේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහ වස්තුන් පිහිටි ආකාරය පිළිබඳව දැක්වෙන සටහනක් නැතිනම් වේලාපත්කඩයකට හා දැරිවියක මල්වර වු වේලාව අනුව ඇයගේ අනාගතය තිරණය කිරිමට හේතු වන්නා වු ග‍්‍රහ තත්ත්වයන් කවරෙදැයි පරික්සන වු වේලා කොලයකට පමණක් සිමා කරන ලද එක් විෂයය ක්‍ෂේත‍්‍රයක් ලෙසින් ද ඇතමෙක් ජ්‍යොතිෂය ලඝුකොට ඇත.


ඔබ ජ්‍යොතිෂය දකින්නේ මේ ඉහත කවර නම් කතිකාවකට අනුව ද ?


පරණ හණමිටි අදහස් ලෙස අප බොහෝ විට බැහැර කරන පුහු තර්ක විතර්ක තුළින් පරාජය කොට ඉවත දැමීමට උත්සාහ ගන්නා ජ්‍යොතිෂය විෂයය අපගේ එදිනෙදා ජීවිතයේ ගැටළු ජයගැනීමට භාවිතා කළ හැකි අගනා මහගු මිණිරුවනක් බව ඔබට පෙන්වා දීම අරමුණයි. 


පුද්ගලයෙකුගේ ජීවිතයේ ආරම්භක ස්ථානය ලෙස දකින්නේ ඔහුගේ උපතයි.  එතැන් පටන් ඔහු ක‍්‍රමයෙන් වියපත් වෙමින් අධ්‍යාපනය ලබා හෝ නොලබා සමාඡුය ඇසුරු කරමින් ආවාහ විවාහ වී දරු සුරතල් බලා, දරුවන් පෝෂණය කොට හැකි අයුරින් ඔවුන්ව යහමග යවා වෘද්ධත්වයට ළඟා වී මරණය අත්විඳිම දක්වා විශාල කාර්යයක් ඉටු කරනු ලබයි.


මොවුන් අතර විවිධ දක්ෂතා සහිත පුද්ගලයන් මෙන්ම කිසිම වැඩක් කරගත නොහැකි අයවලූන් ද සිටින බව අප කොතෙකුත් දැක ඇත.


පුද්ගලයෙකුගේ උපතේ සිට ක‍්‍රමයෙන් වර්ධනය වන අවස්ථාව තුළ දි ඔහුගේ මවත් සහෝදර සහෝදරියනුත් අසල්වැසියන් හා වෙනත් පාරිසරික සාධකවල බලපෑමෙන් ඔහුගේ දක්ෂතා හෝ නායකත්ව ලක්ෂණ ඉස්මතු වන අයුරින් ඒ අතරින් අපට දැකගන්න පුළුවන්.


මෙම ලක්ෂණ ඔහු වෙසෙන වටපිටාව අනුව තීරණය වන බව බටහිර නුතන මනෝ විද්‍යාවේ පියා ලෙස සලකන සිග්මන් ෆ්‍රොයිඞ් වරෙක සිය කෘතියකින් පෙන්වා දී ඇත. එමගින් පුද්ගලයා
තුළ මනෝ විද්‍යාත්මක පසුබිම පිහිටන ආකාරය ඔහු විවිධ දෘෂ්ඨිකෝණ තුළින් විවිධාකාරයෙන් පැහැදිලි කිරිම් සිදු කරන්නට ද යෙදුනහ.